උලමා

                                       

                           
           
                                 උලමා(යක් කුරුල්ලා)

                නම අහලා පුරුදු උනාට කවදාහරි උලමාව දැකලා තියෙද?හැබැයි දැකපු අය නම් මේ පෝස්ට් එක කියවන එකකුත් නෑ.මොකද කියනවා නම් උගේ සද්දෙට පට්ට බයක් දැනෙන්නේ.(මටත් එක පාරක් ඇහිල තියෙනවා.අත්දැකීමෙන් කියන්නෙ)උලමා කියන සතා ගැන ලොකු අත්භූත කතාවක් තියෙනවා.ඇත්තම කියනවා නම් උලමා කියන්නේ අපේ සංස්කෘතිය අනුව හොල්මනක්.ඉස්සර පොඩි එවුන් කන්නෙ නැති උනාම උන්ව බය කරන්න ලොකු අය කියපු පච කතා තමයි අපිව තාම බය කරන්නෙ.මොනවා උනත් උලමාගේ කතාවට ලොකු ඉතිහාසයක් තියෙනවා.මම ඉතින් පහුගිය දවස් වල කරේ හොල්මන් ගැන හොයපු එකනෙ.ඉතින් උලමා ගැනත් ගොඩක් දේවල් හොයා ගත්තා.මම හොයා ගත්තු ටික කියන්නන්කො;


            උලලේනා,උල කුරැල්ලා,යක් කුරැල්ලා මේ හැම නමක්ම කියන්නෙ උලමටම තමයි.මිනිස්සු කියන විදිහට උලම කියන්නෙ මරණය ගෙන එන සතෙක්.දෙකද කියනවා නම් උලමා ඇඩුවෙත් දවස් 7ක් ඇතුලත අනිවාර්යෙන්ම මරණයක් අහන්න වෙනවලු.(මට නන් අහන්න ලැබුනෙ නෑ.හැබැයි ගොඩක් අය නන් විස්වාසෙන්ම කියනවා කතාව ඇත්ත කියලා.)හැබැයි ඉතින් උලමා ඇඩුවම මරණයක් වෙනවා කියලා ගොඩක් විස්වාස කරන අය බයටම මැරෙනවා වෙන්නත් පුලුවන්.මොනවා උනත් ගම් වල මිනිස්සු උලමාට මාර බයයි.හැබැයි උලමගේ හඩ අහල තියෙනන් ඌට බය වෙන එක සාධාරණයි කියලා ඔයාලටම හිතෙයි.
            උලමා අඩන්නේ හරියට ගෑණු කෙනෙක්ගේ බෙල්ල මිරිකන කොට කෑ ගහන විදිහටමයි.මාර මූසල සද්දයක් තියෙන්නෙ.පලවෙනි සැරේටම අහන කෙනෙක් නම් මාර විදිහට බය වේවි.මාරයගෙ හඩනෙ ඉතින්.බය නෙවී කොහොමද?ඌ කෑගහන්නෙ රෑට.කිසිම සද්දයක් නැතුව දවල්ට හැංගිලා ඉදලා රෑට තමයි වැඩ පෙන්නන්නෙ.මේ සතා ගැන පුරාවෘත ගොඩක් තියෙනවා.හැබැයි ඉතින් ඒ හැම එකක්ම එක වගේ.ඒ කතා වලින් තියෙන ප්රසිද්ධම එක කියන්නම්.ටිකක් දුක කතාවක්.මන් කෙටියෙන්ම කියන්නන්කො,


              ඉස්සර එක අඹු සැමි යුවලකුයි පොඩි ලමයෙකුයි හිටියලු.හැබැයි ඉදල තියෙන්නෙ සතුටින් නම් නෙමේ.හැමදාම දෙන්න වලිලු.ලමයාගෙ තාත්තා ලමයට ආදරේ නැති උනාට ලමයගෙ අම්මා ලමයට පණ වගේ ආදරේලු.හේතුවක් ඇතුව හරි නැතුව හරි ඒ තාත්තගෙ වැඩේම අම්මටයි පුතාටයි ගහන එකයි බනින එකයි තමයි.අම්මත් ඉතින් පුලුවන් විදිහට ඉවසනවා.දවසක් මේ තාත්තා හවස ගෙදර ආපු වෙලාවක අම්ම ගෙදර ඉදලා නෑ.ගෑනි එක්ක තියෙන තරහා පුතාගෙන් පිට කරන්න හිතපු මේ තාත්තා පුතාට හොදටම ගහලා.තාත්තගෙන් ගුටි කාපු මේ පුතා ඉවසගන්න බැරැවම මැරිල වැටිලා.ඊට පස්සෙ මේ මනුස්සයා කරල තියෙන්නෙ පුතාව කෑලි වලට කපල හට්ටිහක දාලා කුස්සියෙ තියලා.කිසිම දෙයක් දන්නෙ නැති මේ අම්මා ගෙදර ඇවිත් මස් හට්ටිය උයලා.උයල ඉවර වෙලා තමන්ගෙ පුතා බඩගින්නෙ ඇති කියලා හිතල පුතාට කවන්න බත් පංගුවකුත් බෙදාගෙන පුතාට කතා කරාලු.වෙනදා එක පාරක් කතා කරාම දුවගෙන එන පුතා අද නෑනේ.පුතාව හෙයලා හොයලා ගොඩක් මහන්සි වෙලා හිටපු මේ අම්ම පුතාට කවන්න බෙදාගෙන ආපු බත් පත දිහා බලන කොටලු දැකලා තියෙන්නෙ පුතාගේ ඇගිල්ලේ තිබුන මුද්ද මස් හෙද්දෙ තියෙනවා.සිද්ධ වුන දේ අම්මට තේරැනා.තමන්ගෙ පුතාව තමන්ම උයලා.දුක දරා ගන්න බැරුව ඒ අම්මා කෑ ගහ ගහ අඩලා.ඒ විතරක් නෙමේ මස් උයපු හැන්දෙන් ඔලුවට ගහ ගෙනම ඒ අම්මත් මැරිලා.ඒ වෙලාවෙ ඒ අම්ම විදපු වේදනාවයි ඒ තාත්තා ගැන ආපු වෛරයයි නිසාම ඒ අම්මා උලමා කියන කුරැලු ආත්මය ලබලා.ඒ අම්ම මැරුණ වෙලාවෙ කෑ ගහපු හැටියටලු උලමා කෑගහන්නේ.කවදා හරි උලමාගේ සද්දෙ අහන්න ලැබුනොත් ඔයාලටත් දැනේවි උගේ හඩේ තියෙන වේදනා බර කම.


          මේක පුරාවෘතයක් විතරයි.ඇත්ත වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.උලමාව දැකපු අය කියන්නේ උලමාගේ ඔලුවේ හැන්දක හැඩය තියෙන පිහාටුවක් තියෙනවලු.ඒ හැඩය නිසාම අර වගේ කතාවක් ගෙතුනා වෙන්නත් පුලුවන්.මොනවා උනත් මිනිස්සු නම් කියන්නෙ එහෙම පිහාටුවක් පිහිටලා තියෙන්නේ පුරාවෘතයේ එන අම්මා හැන්දෙන් ඔලුවට ගහ ගත්තු නිසාලු.
          අපි මෙච්චර වෙලා කතා කරේ පුරාවෘත්තය ගැනනේ.සත්ව විද්යාත්යයන් කියන්නේ උලමා මේ විදිහට කෑ ගහන්නේ තම විරැද්ධ ලිංගිකයින් තමා වෙත ආකර්ෂණය කර ගන්නයි.උලමාගේ තවත් විශේෂ හැසිරීමක් තියෙනවා. ඒ තමයි ඌ ගහක එක තැනක ඉදන් කෑ ගැසීම පටන් ගෙන ඒ ගහේම වෙනත් අතු වලටත් ලිහින් කෑ ගසා ආයෙත් පටන් ගත් තැනටම ඇවිත් කෑ ගැසීම නතර කිරීමයි.මේ හැසිරීම ගැන නම් සත්ව විද්යාත්යයන් කුතුහලයක් තියෙනවා.
            ඇත්තටම උලමා කියන්නේ උකුසු පරපුරට අයත් පක්ෂි විශේෂයක්.ලංකාවේ සෑම වනානතරයකම ජීවත් වෙන උලමගේ හඩ අහන්න ලැබෙන්නෙනන් කලාතුරකින්.(ඒකටත් පව තියෙන්න ඕන).“ෆොරස්ට් ඊගල් අවුල්“ කියලා කියන්නේ අපි ඔය උලමා කියලා කියන සතාටම තමයි.හැබැයි බුවා රාජාලියෙකුටත් වඩා පොඩ්ඩක් ලොකුයි.ඉතින් කොහොමද රෑක තනියම යනකොට මූ සද්දෙ දාගෙන ඉස්සරහට ආවොත්?පට්ටයි නේ.අනිවා තොවිල් නටන්න වෙනවා.උලමා කියන්නෙ කොච්චර ඩයල් එකක්ද කියනවනන් බුවා සුද්දොත් බය කරල තියෙනවා.රොබට් නොක්ස්ව තමයි බය කරලා තියෙන්නෙ. රොබට් නොක්ස් ලියපු “එදා හෙලදිව“ වාර්තාවෙත් උලමා ගැන ලියල තියෙනවා.ඇයි තව විශාරද ගුණදාස කපුගේ ගයන “උලලේනෝ“ කියලා ගීතයකුත් තියෙන්නේ.
            ඔන්න උලමා ගැන මම දන්න සේරම කිව්වා.මෙතන නැති ඔයාලා උලමා ගැන දන්න දේවල් තියේනන් මෙතනම කොමන්ට් කරන්න.මේ සතියේ පත්තරේකත් උලමා ගැන ආර්ටිකල් එකක් තිබුනා.පත්තරේ නම නන් මතක නෑ.හොයලා බලන්නකෝ.
           ඉස්සරහට තව හොද  පෝස්ට් ටිකක් දාන්න තමා ඉන්නේ. බෝදිලිමා, දස්කෝන්, කලු කුමාරයා, මෝහිනී, මහසෝනා වගේ හැම පුරාවෘතයක් ගැනම මම ඉස්සරහට දාන්නන්කෝ.

         පෝස්ට් එක හිතට ඇලලුවනන් අනිවා කොමන්ට් එකක් දාන්න හොදේ...........ඒක පොඩි දෙයක් උනාට අපිට ඒක ගොඩක් වටිනවා.පුලුවන්නම් ඔයාලගේ යාලුවන්ටත් බලන්න මේ ලින්ක් එක ඔයාලගේ ෆේස් බුක් එකේ දාන්න........



www.mithquest.blogspot.com


එහෙනන් ඊලග පෝස්ට් එකෙන් හමුවෙමු


21 comments:

  1. ඇත්තටම වෙනස් පාරක යන බ්ලොග් එකක්...දිගටම කරගෙන යන්න.තවත් අලුත් තොරතුරු ඇතුලත් කරන්න ..
    ජය වේවා

    ReplyDelete
  2. thanks a lot .my daughter needed some facts of Ulama .Your entry assisted me a lot .Thanks again .

    ReplyDelete
    Replies
    1. කමන්ට් කරලා සපෝර්ට් කරන එකම ලොකු උදව්වක්.....

      Delete
  3. Math ahala thgiyanawa ulamage sadde godak sarayak. Pandarata thama ahila thiyenne. Podi kale nam patta bayai. Athin ahenakota podi lamayek kagahanawa wage. E saddete hitha mara widihata aul wenawa. Lagata ahenakota thama ara baya hithena sadde enne.

    ReplyDelete
    Replies
    1. Aniwa macho.oya sadde issellma ahana kenek nan patteta baya wenawa.sadde ahalama balanna ona.any way comment karata patteta thanks karanna ona.hama comment ekakma maara watinawa mata.macho digatama apith ekka inna.thawa hoda post dannan

      Delete
  4. Aniwa macho.oya sadde issellma ahana kenek nan patteta baya wenawa.sadde ahalama balanna ona.any way comment karata patteta thanks karanna ona.hama comment ekakma maara watinawa mata.macho digatama apith ekka inna.thawa hoda post dannan.

    Thawa me wage oya danna purawurtha tiyenan kiyanna.hodata hoyala ewa dannan.

    ReplyDelete
  5. nodanna dewal godak dana gaththa!!! Ela... Obata jaya...matathg ithin jaya

    ReplyDelete
    Replies
    1. Aniwa aniwa.obatath jaya matath jaya.

      Comment karala dena sup ekata tnx machoooo
      Digatama touch eke inna.

      Delete
  6. pattai machoo mamath patta kamathi mewata...

    ReplyDelete
    Replies
    1. Tnx macho coment karata.thawa owage katha godak tiyenawa danna.thawa poddak wisthara hoyannath tiyenawa.digatama apith ekka inna.

      Me side ekata interest ekak thiyena yaaluwo innawanan me paththata ewanna

      Delete
  7. Replies
    1. තෑන්ක්ස් මචෝ.යාලුවොන්වත් මේ පැත්තට එවන්න.

      Delete
  8. අයියේ.., මේක නම් සුපිරිම Article 1k !!! මං උලමා ගැන දන්නේ නැති ගොඩාක් දේවල් දැන ගත්තා! Specialy අර කතාව! =) Great Job BrODah! Thnx! $

    ReplyDelete
  9. Thnanks මල්ලියෝ.බෝදිලිමා ගැන අහලා තියෙද?ඒකත් ලගදි දාන්න ඉන්නෙ.මේ පැත්තට එන්න ඒකත් කියවන්න. අද හෙටම දාන්නන්.

    ReplyDelete
  10. දැන් අලුතෙන්ම ජමියියතුල් කියල උලමා විශේෂයකුත් ලංකාවෙන් හොයාගෙන තියනව. උන් සංවිධාන ගතවෙලාලු වැඩ කරන්නෙ. පුළුවන් නම් ඒ ගැනත් හොයල දාන්න හහ් හහ් හහ් :D :D :D ජෝක් ජෝක් :P වැඩේ මරු. තව පෝස්ට් දාන්න. අරවගේ කතාත් ඒ අතරට හොයල දානවනම් එළ (y)

    ReplyDelete
    Replies
    1. දැන් කාලේ පඩයක් ඇරියත් ජාති වදේ ඇවිස්සෙනවා.ඒක් නිසා ඒ සම්බන්දව කතා නොකරන තරමට ඇගට ගුනයි.කොමන්ටුවට තෑන්ක්ස් මචෝ.හැමදාම මේ පැත්තට ඇවිත් ‍යන්න.

      Delete
  11. max.idiriyatath mey wage hoda lipi liyanna.api oyath ekka.

    ReplyDelete
    Replies
    1. අනිවා මචෝ.තවත් කතා ටිකක් තියෙනවා ඒටිකත් ලගදිම දානවා......

      Delete
  12. Me vage deval gana Dana ganna mamath kamathi.mama dakka news paper ekaka me gana article ekak.eke thibbe pregnent kenek baba labenna Yana Kota amaruvela duk vidala mareddi thamange samiya gana vairayen maruna Nisa me vage athmayak labuna kiyalai.gam vala pirimi aya raata eliyata bahinnath bayailu......mithya Katha eka gam vala eka eka vidiyata kiyanava.aththada nadda kiyala Dana gannanam e vage athdakimakata muhuna deelama balanna one.....digatama Me vade karagena yanna bro....good luck 👍

    ReplyDelete
    Replies
    1. tnx mcn,,,,uba kiyapu katahwawa mamath ahala tiyenawa.habai mn ahala tiyenne e bodilima kiyana katussa kiyalai.me daws wala wisthara hoyanawa mama ,aniwa kathawa publish karannamko....

      Delete

කමන්ට් එකක් දාලා සපෝර්ට් එකකුත් දීලම යන්න....................................................................................................